දේශීය

උඩරට මැණිකේ දුම්රියේ ගැටී අයෙක් ජීවිතක්ෂයට

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.

අද (25) දින උදෑසන 9:00ට පමණ නාවලපිටිය, සෙන්බ්‍රිජ් ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, එම පුද්ගලයා දුම්රියේ පසුපස මැදිරියකට ගැටී හෝ දුම්රියට පැන ඇති බවට සැක කරන බවයි.

අනතුරින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නැහැ.

Shares: