ව්‍යාපාරික

රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක්

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබෙනවා.

අද වනවිට ලෝක රන් මිල ඉහළ ‍ගොස් ඇත්තේ ඩොලර් 4,150ක් ලෙසයි.

මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 6,000කින් අද (25) දිනය වනවිට ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරන්නේ.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 309,200ක් ලෙස දැක්වුණා.

ඊයේ දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 303,600ක් ලෙසයි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

Shares: