රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව පසුගිය නොවැම්බර් මස 17 වන දින සිට අද (27) දක්වා දිස්ත්‍රික්ක 17කට ආපදාවට ලක්ව ඇති අතර ආපදාවට ලක්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 79ක්.
එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති අතර, තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
මේ අතර සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් තාවකාලිකව නවතා ඇත්තේ සුරක්ෂිත මධ්‍යස්ථාන 5කයි.
එමෙන්ම පවුල් 136කට අයත් පුද්ගලයින් 472 දෙනෙකු මේ වනවිට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතරවී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.
ආපදා හේතුවෙන් ඌව පළාතෙන් පුද්ගල මරණ ඌව පළාතෙන් 18ක්, සබරගමුව පළාතෙන් 7ක්, මධ්‍යම පළාතෙන් 4ක්, දකුණ පළාතෙන් සහ වයඹ පළාතෙන් පුද්ගල මරණ එක බැගින් වාර්තා වනවා.










