දේශීය

පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට සිට නිවාඩු

පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හෙට (28) සිට නිවාඩු ලබා දීමට තීරණය කළ බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවසනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව කාලගුණය යථා තත්ත්වයට පත්වනතුරු මෙසේ නිවාඩු ලබා දී තිබෙනවා.

 
Shares: