මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වැසි හේතුවෙන් මහවැලි ගංද්‍රෝණියේ පහල නිම්නයේ පිහිටි ප්‍රදේශ රැසක පවතින ගංවතුර තත්ත්වය රතු නිවේදන අධි ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යනු ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව දිඹුලාගල, තමන්කඩුව, වැලිකන්ද, ලංකාපුර, මැදිරිගිරිය, සේරුවිල, කන්තලේ, කින්නියා සහ මුත්තූර් යන ප්‍රදේශවල සිටින ජනතාවට හැකි ඉක්මණින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
අනතුරු ඇඟවීම 2025.12.01 දහවල් 12.30 දක්වා වලංගුයි.











