දේශීය

වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මකයි

ආපදා තත්ත්වය හමුවේ භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් දැනුම්දෙන ලෙසයි.

ඒ අනුව, දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යාල වෙත එම පැමිණිලි ඉදිරිපත් කළ හැකි වනවා.

Shares: