මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වනවා.
අදින් ඇරඹෙන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මකයි.
2025 – 2026 සිරිපා වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සිරිපා මලුව වෙත වැඩම කරවීම ඊයේ අලුයම පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයේ සිට සිදුකෙරුණා.
ඒ ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්.










