හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය හෙට (03) සිට යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙම රෝහලේ සේවා සැපයීම තාවකාලිකව නතර කර තිබුණේ පසුගියදා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන්.
ඊයේ වන විට රෝහලට විදුලි සැපයුම යළි ලබාදී ඇති අතර අද දිනය තුළ ජල සැපයුමද යලි ලබා දුන් බවයි හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේධ් කොග්ගලගේ මහතා පැවසුවේ.
එමෙන්ම එම රෝහල තුළ හානියට පත්වූ සෙසු සියළු අංශ පියවරෙන් පියවර මහජන සේවා සඳහා යථාවත් කිරීමට හැකිවන පරිදි කඩිනමින් ස්ථාපිත කෙරෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.











