සියදිවි හානි කර ගැනීම සඳහා මල්අතු ඔයට පැන්න මවක් සහ දරුවන් දෙදෙනාගෙන් මවගේ ජීවිතය බේරා ගැනීම්ට හැකිව තිබෙනවා.
ඒ ප්‍රදේශවාසීන්ගේ හා ජීවිත ආරක්ෂක කණ්ඩායමේ සහායෙනුයි.
මේ වන විට දරුවන් දෙදෙනා සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා.
මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් පමණ වයසේ පසුවන දෙදරු මවක් සහ අවුරුදු 4 හමාරක් සහ අවුරුදු 8 ක් වන දැරියක් සහ පිරිමි දරුවකු අද (02) උදෑසන 6.30 ට පමණ අනුරාධපුර නගරය ආසන්නයෙන් මල්අතු ඔයට පැන ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම දෙදරු මවගේ සැමියා විදේශගතව සිටින බවත්, පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවයි.
එහිදී කාන්තාවක් කෑ ගසන හඬ මල්අතු ඔය අසබඩ සිටි පුද්ගලයෙකුට ඇසී පසුව ප්‍රදේශවාසීන්ගෙන් ද සහාය ඇතිව එම පුද්ගලයා විසින් කාන්තාව බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යෑමට කටයුතු කර තිබෙනවා.











