ආපදා තත්ත්වය යටතේ කුමන බලපෑම් එල්ල වුවත් ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මේ වනවිට ආපදා හේතුවෙන් බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්ක 21න් 13ක ජල සම්පාදන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති, චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පුර්ණ හානි සිදුව ඇති බව ද සභාපතිවරයා කියා සිටියා.
අද (03) දිනය වනවිට බිඳවැටුණු ජල සම්පාදන ව්‍යාපෘති 159න් 139ක් යථා තත්ත්වයට පත්කර ඇතැයි ද පැවසු ඒ මහතා, තවත් දිස්ත්‍රික්ක 8ක ජල සම්පාදන ව්‍යාපෘති 17ක් සකස් කිරීමට ඇති බවයි සඳහන් කළේ.
බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ අදාළ ජල ව්‍යාපෘතිවලට ළඟාවීමට නොහැකි ලෙස මාර්ග අවහිරතා සිදුව ඇති සහ විදුලි බලය ඇණහිට ඇති ස්ථානවල තවමත් ජල සැපයුම ලබාදීම අසිරු වී ඇති බවයි.
මධ්‍යම, ඌව හා වයඹ පළාතට ජල සම්පාදන කටයුතු බිඳ වැටී අති බව ද ඔහු ප්‍රකාශ කළා.











