දේශීය

UAE සිට ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් ලංකාවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

එරට ගුවන් හමුදාවට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන C-17 වර්ගයේ යානා අබුඩාබි නුවර සිටයි මෙරටට ළඟා වූයේ.

ආපදා සහන මෙහෙයුම් සඳහා යොදාගන්නා වාහන සහ ආහාර මෙම භාණ්ඩ තොගය අතරට ඇතුළත්.;

මෙම ආධාර තොගය භාරගැනීම සඳහා මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

Shares: