ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (05) උදෑසන පැමිණි ගුවන් මගී කාන්තාවකට, ගුවන්තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදු ව තිබෙනවා.
ඇය 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවක්.
ඇය අද උදෑසන 6.30ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැඳී සිට තිබෙනවා.
එහිදී ඇයට දරු ප්‍රසූතිය සඳහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇති වීමත් සමඟම, ඇය වහාම කටුනායක ගුවන්තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එහිදී එම වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.
ඉන්පසු ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ ගිලන් රථයක් මඟින් මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ එම මව සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහායි.










