උණුසුම් පුවත්

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 02ක් අත්අඩංගුවට

පනාමුර මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයින් දෙදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිසිය පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 190ක් ද සොයා ගත් බවයි.

සැකකරුවන් අවුරුදු 27 හා 36 වයස්වල පසුවන සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පනාමුර පොලීය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Shares: