අයහපත් කාලගුණ තත්ත්වයෙන් හානි වූ කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාඔය සහ නාත්තන්ඩිය අතර දුම්රිය මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා.
වලහපිටිය උප දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්න ඉපැරණි දුම්රිය යකඩ පාලමට සම්බන්ධ භූමි පෙදෙස ජල පහර හේතුවෙන් විනාශ වූ අතර එය ද පිළිසකර කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ හලාවත බෝලවත්ත දුම්රිය නඩත්තු ඒකකයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබයි.










