වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික සමාගමකට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරු මතයි අදාළ වැටලීම් සිදුකර මේ සම්බන්ධව නඩු පැවරීමට පියවර ගෙන ඇත්තේ.
මෙලෙස නඩු පවරා ඇත්තේ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකටයි.
බෙලිහුල්ඔය ප්‍රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලක් රුපියල් 400ක මිලට අලෙවි කිරීමේ චෝදනාව මත අදාළ ආයතනට එරෙහිව බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට එම අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර ඇත්තේ අදාළ නිවාඩු නිකේතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමටයි.
එමෙන්ම රුපියල් 70කට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් එම මිල ඉක්මවා රුපියල් 230කට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරා ඇති අතර එහිදී ද අදාළ සමාගම වෙත රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමටයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.











