දේශීය

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය සිදුවන්නේ තනි මාර්ගයේ බැවින් මෙම ප්‍රමාදය සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුජ්ජොමුව දුම්රිය ස්ථානය අසන්නයේ පිහිටි පැරණි බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානයට සීමා වී තිබුණා.

කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැඩීගිය එම බෝක්කුව ඊයේ පස්වරුව වනවිට යථාතත්වයට පත්කිරීමෙන් අනතුරුව අද සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි.

මේ අතර අද අලුයම සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී.ඒ. සමරසිංහ මහතා කියා සිටියා.

ඒ අනුව රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල සහ ගනේවත්ත යන දුම්රිය ස්ථනවල සිට කොළඹ කොටුව බලා ධාවන වන සියලු කාර්යාල දුම්රියන් මේවනවිට ගමන් ආරම්භ කර ඇති.

Shares: