දේශීය

ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ පිපිරීමකින් තරුණයෙකුට දිවි අහිමියි

කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයක ඇතිවූ හදිසි පිපිරීමකින් තරුණයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) සවස් කාලයේ ඇතිවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට කටාන පොලීසියට ලද පණිවුඩයක් මතයි විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

එලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ක තරුණයෙක්.

මියගිය තරුණයා අදාළ ගිනිකෙළි නිෂ්පාදන ආයතනයේ සේවකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එහි එළිමහන් මඩුවක් තුළදී මෙම පිපිරීම සිදුවී ඇති බවට මෙතෙක් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Shares: