උණුසුම් පුවත්

මීගහකිවුලේ නායයෑමක් යළි සක්‍රීය වෙයි

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල – මීගොල්ල ප්‍රදේශයේ අද (10) අලුයම නායයෑමක් සිදුව තිබෙනවා.

මෙම ප්‍රදේශයෙන් ජනතාව ඉවත්කිරීමට කටයුතු කළ ද සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් නිර්මලා කුමුදුනි මහත්මිය සඳහන් කළේ, මෙම නායයෑම හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි වාර්තා නොවන බවයි.

මේ අතර, බදුල්ල – මහියංගනය මාර්ගයට, ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

බදුල්ල සහ කන්දකැටිය අතර මෙලෙස පස් කදු කඩා වැටී ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරිය එම පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.

කෙසේ වෙතත් මෙම මාර්ගයේ රිය ධාවනය කිරීමේදී දැඩි සැලිකිල්ලෙන් ගමන් කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Shares: