දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ලාංකිකයින්ට ලැබෙන විදේශ ආධාර නිසියාකාරව කළමනාකරණය කිරිම සඳහා අනු කමිටු පත් කර තිබෙනවා.
ආපදා කළමනාකරණය පිළිබද ජනාධිපති කමිටුව රැස්වු අවස්ථාවේදී එම තීරණය ගත් බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ.
මෙරටට ලැබෙන සියලුම ආධාර නිසි ලෙස දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම , ඒවා සුදුසු පුද්ගලයාට ලබාදීම වැනි කරුණු කාරණා පිළිබදව එහිදී සාකච්ඡා කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ආපදා කළමනාකරණය පිළිබඳ ජනාධිපති කමිටුව පත් කළේ ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ලබා දෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස වෙත ලබා දීම වෙනුවෙනුයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සභාපතීත්වය දරණ එහි සාමාජිකයින් සංඛ්‍යාව 8ක්.










