ගංගා ද්‍රෝණි කිහිපයකට ගත වූ පැය 24ක කාලය තුළ මි.මී. 50ට වැඩි වර්ෂාවක් ඇදහැලී ඇති බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (12) පෙරවරුවේ පැවසුවා.
විශේෂයෙන් ගිං ගඟ, කළු ගඟ, කැලණි ගඟ, යාන්ඔය ද්‍රෝණිවල ඉහළ ප්‍රදේශයන්ට මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටද මි.මී. 50ට ආසන්න වර්ෂාවක් ඇදහැලී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
සූරියබණ්ඩාර මහතා කියා සිටියේ මේ හේතුවෙන් ඇතැම් ගංඟාවල ජල මට්ටම වැඩි වීමක් පෙන්වූවත්, එය ගංවතුර මට්ටමක දක්වා වර්ධනයවීමක් පෙන්නුම් නොකරන බවයි.
එමෙන්ම ජලාශවල ජල මට්ටම් සැලකීමේදී ප්‍රධාන ජලාශ 34කට ආසන්න ප්‍රමාණයක තවමත් වාන් දැමීම සිදුවන බව ද ඒ මහතා සඳහන් කළා.
ප්‍රධාන වශයෙන් දැදුරු ඔය, රාජාංගනය, නාච්චාදූව, යාන් ඔය, පදවිය, ලුණුගම්වෙහෙර හා සේනානායක සමුද්‍රය යන ජලාශයන්හි වාන් දොරටු විවෘත කර ජල මට්ටම අඩුකරන බවයි වාරිමාර්ග අධ්යක්ෂවරයා වැඩදුරටත් ප්‍රකාශ කළේ.










