උණුසුම් පුවත්දේශීය

යාපනයේ පාසල් සිසුවිය ඝාතන නඩුවේ වරදකරු බන්ධනාගාරයේදී සියදිවි නසාගනියි

2015 වසරේ යාපනය දිස්ත්‍රික්කයේ 18 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන යාම, සමූහ දූෂණය සහ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කර මරණ දඬුවම නියම වී සිරගතව සිටි පුද්ගලයෙකු බන්ධනාගාරයේදී සියදිවි හානි කරගෙන මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා 46 හැවිරිදි පූබාලසිංහම් ජෙයකුමාර් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ (24) රාත්‍රියේ මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

මෙම සංවේදී නඩුවට අදාළව ‘ස්විස් කුමාර්’ ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළ මරණ දඬුවම, පසුගිය මැයි 6 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවතත් තහවුරු කර තිබුණා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී, නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම නඩුවේ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබුණා.

තීන්දුව ප්‍රකාශ කළ අවස්ථාවේ, මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් තිදෙනෙකු Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි බවද වාර්තා වනවා.

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *