රාජ්‍ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4,000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර විසින්.
සියයට 8ක වාර්ෂික පොලියක් සහිතව සමාන මාසික කොටස් දහයකින් මෙම අත්තිකාරම් මුදල අය කරගත යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
උත්සව සමය වෙනුවෙන් සෑම වසරකම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම අත්තිකාරම් මුදල් ලබාදීම සිදුවනවා.
රුපියල් 4,000කට නොවැඩි මෙම අත්තිකාරම් ගෙවීම ජනවාරි පළමුවන දිනෙන් ආරම්භ කර පෙබරවාරි මස අවසාන දිනයෙන් අවසන් කළ යුතුයි.










