දේශීය

මනුෂ්‍ය ඝාතනයකට අදාළ ව සර්ව ජන බලයේ මන්ත්‍රී අබ්දුල් අත්අඩංගුවට ගැනේ

පොළොන්නරුව ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට අදාළ ව සර්ව ජන බලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අබ්දුල් සමඩ් යන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 14 වන දිනයේ දී ද ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඒ පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියකට අදාළවයි.

පහරකෑමෙන් අදාළ පුද්ගලයාගේ දත් කිහිපයක් කැඩී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මෙම මන්ත්‍රීවරයා එදින අත්අඩංගුවට ගෙන ඇප මතයි මුදා හැර තිබුණේ.

එම ගැටුම සිදුවන අවස්ථාවේ දී එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර එම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමටයි එහිදී තීරණය වූයේ.

පහර දීමට අමතරව මෙම ඝාතනය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූයේ සර්ව ජන බලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අබ්දුල් සමඩ් යන පුද්ගලයාටයි.

ඒ අනුව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අද පෙරවරුවේ යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Shares: