දේශීය

අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිව තිබෙනවා.

රජය පැවසුවේ 2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 6,000ක පමණ අරමුදල් භාවිත කරමින් වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේදී මිලට ගත් වී තොග මේ වනවිට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ගබඩා කර ඇති බවයි.

ඒ අනුව, වෙළෙඳපොළ තුළ අඛණ්ඩ සහල් සැපයුමක් තහවුරු කිරීම සඳහා එම වී තොග, 2025 වසර සඳහා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මඟින් සහල් කර, ලක් සතොස සහ සමූපකාර ජාලය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවයි මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ.

Shares: