දේශීය

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් සඳහා දෙසැම්බර් මාසය පුරාම වැඩකරන දිනයන්හි අදාළ තැපැල් කාර්යාල හෝ උප තැපැල් කාර්යාල මඟින් ලබාගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

ගොවි විශ්‍රාම වැටුප් සෑම මසකම 9 වන දින සිට 15 වන දින දක්වා ලබාදෙනු ඇති.

ආපදා තත්ත්වය හේතුවෙන් තැපැල් කාර්යාල වෙත ළඟාවීමේ ගමන් මාර්ග විනාශවීම හේතුවෙන් සිදුවන ගමනාගමන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම කාලසීමාව දිර්ඝ කර තිබෙනවා.

දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178,753ක් වන අතර ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් ගණන 6,312ක්.

දෙසැම්බර් මාසයේ විශ්‍රාම වැටුප් සඳහා රු මි 413ක් වැය කරනු ලබන බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දෙන්නේ.

Shares: