විදේශ ප්‍රේෂණ මත විදෙස් රැකියාවල නියුතු පුද්ගලයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව විගණනයක් සිදු කර ඇති බව කථානායක අශෝක රන්වල අද (05) පාර්ලිමේන්තුවට කියා සිටියා.
2022 මැයි 01 වැනිදා සිට 2023 සැප්තැම්බර් 15 වැනි දින දක්වා ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව එසේ විගණනයක් සිදු කළ බවයි කථානායකවරයා සඳහන් කළේ.
තවද, එම විශේෂ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 15