අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇති පසුබිමකයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය, සමාජ ක්‍රියාකාරිකයකු වන විදුර රැළපනාව සහ මාධ්‍යවේදනී රුවනි ෆොන්සේකා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත්, කණිෂ්ක විජේරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර ඇති බව ද සඳහන්.
2020 වසරේ ජනවාරි මස 21 වනදා සිට බලාත්මක වන පරිදි අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න අල්ලස් කොමිසමේ නව අධ්යක්ෂ ජනරාල්වරයා පත් කෙරුණා.
අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ සාමාජිකයින්ගේ අනුමැතියට යටත්ව මෙම පත් කිරීම සිදු කළ බව සඳහන්.
මීට පෙර එම ධුරයේ කටයුතු කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එම ධුරයෙන් ඉවත් වූ අතර, අනතුරුව ඔහුව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයට පත් කෙරුණු බව සඳහන්.
කෙසේ වෙතත්, කණිෂ්ක විජේරත්නගේ පත් කිරීම දැඩි විවේචනයට ලක්වීමත් විශේෂත්වයක්.