Global Platform For All Sri Lankans

Lanka Hit News

මිලියන 1.3කට දැනුණු කැලිෆෝනියා භූ කම්පනයේ අනතුරු ඇඟවීම ඉවතට

කැලිෆෝනියා ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේ මැග්නිටියුඩ් ඒකක 7ක ප්‍රභල භූ කම්පනයක් ඇති වීමෙන් පසුව නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය මේ වනවිට ඉවත් කර තිබෙනවා.

ගොඩබිම සිට කිලෝමීටර 68ක පමණ දුරකිනුයි එය හටගෙන තිබුණේ.

මෙහි ප්‍රභලත්වය හේතුවෙන් කැලිෆෝනියා සහ ඔරිගන් ප්‍රාන්ත වලට සුනාමි අනතුරු සංඥා ද නිකුත් කළා.

වාර්තාවල දැක්වෙන්නේ ඊයේ (05) ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ දී මෙම භූ කම්පනය වාර්තා වූ බවයි.

පළමු කම්පනයෙන් පසු තවත් පසු කම්පන බොහොමයක් සිදු වී ඇති අතර ප්‍රාන්ත පුරා නිවාස සහ ව්‍යාපාර ස්ථාන 10,000ක පමණ විදුලිය බිඳ වැටීම් ද ඇති වී තිබෙනවා.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගැවින් පීඩාවට පත්වූ පුද්ගලයින්ට සහන සැපයීමේ අරමුණින් නිව්සම් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළා.

කෙසේ නමුත් මේ වනවිට එම භූ කම්පන අනතුරු ඇඟවීම ඉවත් කර ඇති අතර විදෙස් වාර්තා වැඩි දුරටත් පවසන්නේ මිලියන 1.3 කට වැඩි ජනතාවකට එහි බලපෑම දැනීමට ප්‍රමාණවත් තරම් ආසන්නයේ ජීවත් ව ඇති බවයි.

විශාල හානියක් හෝ තුවාල සිදු වූ බවට ක්ෂණික වාර්තා නොමැති නමුත් සමහර වෙළඳසැල් හිමියන් ඔවුන්ගේ භාණ්ඩ කැඩී ඇති බව පවසා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads