Global Platform For All Sri Lankans

පාලනයකින් තොරව පොල් මිල ඉහළට,

 

වෙළදපොළේ මේ වනවිට පොල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 180ක පමණ මිලකට අලෙවි වන බවයි පාරිභෝගික ප්‍රකාශ කළේ.

පසුගිය කාලසීමාවේ දී පොල් ගෙඩියක් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අලෙවි වුණා.

මේ අතර, පසුගිය දින කිහිපය තුළ පහළගොස් තිබූ බිත්තර මිල යළි ඉහළ යමින් පවතින බව වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා.

ඇතැම් ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර බිත්තර මිල පැවතියේ රුපියල් 30ක ටත් අඩු මිලකටයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads