Global Platform For All Sri Lankans

Lanka Hit News

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග

ව්‍යාපාරික විරංජිත් තාඹුගලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා.

මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවකට අදාළව විරංජිත් තාඹුගල මහතාව සැකකරුවෙකු ලෙස නම්කර නොමැති හෙයින් විමර්ශන නිලධාරීන් ට එරෙහිව කරුණු ගොනු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අධිකරණය දැනුම්දී තිබෙනවා.

ඒ හේතුවෙන් විරංජිත් තාඹුගල ට නැවත අධිකරණය හමුවේ පෙනීසිටීමේ අවශ්‍යතාවයක් නොමැති බව කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය දැනුම්දෙනු ලැබුවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ඉදිරි දිනයකදී විරංජිත් තාඹුගලට අදාළ ඒකකය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම්දීමට නියමිත බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

කොන්ස්ටාස්ට එරෙහි වුවාට කෝලිට දඩ නියම කරයි

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads