Global Platform For All Sri Lankans

Lanka Hit News

දැඩි සහල් හිඟයක්

 

මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙන්දෝ පවසනවා.

මාස දෙකක පමණ සිට මෙම හිඟය පැවතුන ද සහල් හිඟය මේ වන විට දැඩි තත්ත්වයකට පත්ව ඇති බවත්, සියලුම සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩි මිලට අළෙවි කරන බව ත් පාරිභෝගිකයෝ චෝදනා කර සිටිනවා.

රටපුරා ක්‍රියාත්මක සුපිරි වෙළෙඳසැල් ජාලයේ ද දැඩි සහල් හිඟයක් පවතින අතර, වෙළෙඳසැල් රැසක මේ වන විට සහල් නොමැත අතර ඇතැම් වෙළෙඳසැල් එක බිල්පතට සහල් වර්ගයක කිලෝ තුනක් පමණක් නිකුත් කරන බවද සඳහන් වනවා.

පිටකොටුව තොග වෙළෙඳපොලේ ද සහල් හිඟය දැඩි වී ඇති බවත් ඔවුන්ට ද මහ පරිමාණ වී මෝල්වලින් සහල් ලැබීම සියයට 60 කින් පමණ අඩු වී ඇති බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ පවසන අතර,

රටපුරා ලංකා සතොස බොහෝ අළෙවිසැල්වලින් සියයට 90 ක පමණ ද සහල් නොමැති බව ද සඳහන් වනවා.

සුදු කැකුළු කිලෝවක් රුපියල් 245 ත් 250 ත් අතර ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 245 ත් 247 ත් අතර ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 245 ත් 255 ත් අතර ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ත් 265 ත් අතර ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 275 ත් 282 ත් අතර ද, සිල්ලර මිලකට මේ වන විට සිල්ලර වෙළෙන්දෝ අළෙවි කරනු ලබනවා.

සිල්ලර වෙළෙන්දන් පවසන්නේ, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 240 කට ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 242 කට ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 240 කට ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 255 කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 270 කට ද, තොග වෙළෙන්දාගෙන් එසේ නැත්නම් මෝල් හිමියාගෙන් ලැබෙන බවත් එවැනි තත්වයක් යටතේ පාලන මිලට සහල් අළෙවි කළ නොහැකි බවත්ය.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads