Global Platform For All Sri Lankans

Lanka Hit News

ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණයකින් උණුසුම් තත්ත්වයක් ඇතිවුණේ මෙහෙමයි

 

රත්මලානේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවත්වුණා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිතියේ සාමාජිකයින් විසිනුයි අද (08) දහවල් මෙම විරෝධතාව පවත්වනු ලැබුවේ.

ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් මෙම වෘත්තීය සමිතියේ සාමාජිකයින්, මෙම විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ද හටගත් බවයි අප වාර්තාකරු සඳහන් පවසා සිටියේ.

පාරිභෝගිකයින් වෙත ජල බිල්පත් නිකුත් කිරීම යළි ආරම්භ කිරීම, වැඩිකළ නිල ඇඳුම් දීමනාව ලබාදීම, අභ්‍යන්තර උසස්වීම් කඩිනම් කිරීම, ගිලව් නිවාඩු සඳහා කොන්දේසි පැනවීම වහා නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි මෙම විරෝධතාව පැවැත්වුණේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads