Global Platform For All Sri Lankans

Lanka Hit News

ඇමති විජිතගෙන් විශේෂ ඉල්ලීමක්..

 

ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු ඉන්දීය බුද්ධි අංශ විසින් ලබා දුන් බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහජන ආරක්ෂක විජිත හේරත් පවසනවා.

අද(24) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,

අදාළ ප්‍රහාර සඳහා රුපියල් ලක්ෂ 50ක් ලබා දුන් බවට පළ වූ මාධ්‍ය වාර්තා ද අසත්‍ය බවයි.

“ඉන්දීය බුද්ධි අංශ මඟින් එහෙම දෙයක් සිදුවුණේ නැහැ. ඒක වැරදි ප්‍රවෘත්තියක්. මාධ්‍ය ආයතනවලට මේ ගැන නිවැරදි කිරීම් කරන්න කියලා කිව්වා. මුදල් ප්‍රමාණයන් නිවැරදි නැහැ. මේවා සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ නිසා අපි මාධ්‍යවලින් ඉතා වගකීමෙන් ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය මත යම් යම් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්න එපා. ඒකෙන් ජනතාව කලබල වෙනවා. ඒ නිසා වගකීමෙන් පරිස්සම් සහගත ලෙස ප්‍රචාරය කරන්න කියන ඉල්ලීමත් සිදු කරනවා.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

බන්ධනාගාර ගොඩනැගිල්ලට අත්තක් වැටී මියගියේ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ රැඳවියෙක් 

  මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මියගොස් ඇත්තේ හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවා ගැනීමට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads