Global Platform For All Sri Lankans

Lanka Hit News

බන්ධනාගාර ගොඩනැගිල්ලට අත්තක් වැටී මියගියේ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ රැඳවියෙක් 

 

මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මියගොස් ඇත්තේ හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගත කර සිටි රැදවියෙකු බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ රැදවියන් 11 දෙනා අතුරින් 06 දෙනෙකු නේවාසික ප්‍රතිකාර අවසන් කර නැවත බන්ධනාගර ගත කල බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක කියා සිටියේ.

අනතුර සිදු වන අවස්ථාවේ එහි රැඳවියන් 100කට ආසන්න පිරිසක් රඳවා සිට තිබෙනවා.

තුවාල ලැබූවන් අවුරුදු 25 සහ 52 අතර වයස් වල පසුවන්නන් වන අතර ඔවුන් දෙනිපිටිය, මිරිස්ස , වැලිගම , ගාල්ල , මාතර , ගන්දර, බටපොල, දෙයියන්දර හා ගල්ගමුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන්.

සිද්ධියත් සමග මාතර පොලිස් ස්ථානයේ හා අවට පොලිස් ස්ථානවල නිලධාරින්,පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා භට පිරිස් යොදවා කඩිනමින් බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කිරිමට පියවර ගත් අතර ගාල්ල බන්ධනාගාරයෙන් ද අමතර නිලධාරීන් කැදවා තිබුණා.

අදාළ ගොඩනැගිල්ලේ සිටි අනෙක් රැඳවියන් සියලු‍දෙනා වෙනත් ගොඩනැඟිල්ලක ආරක්ෂිතව රැඳවීමටයි කටයුතු කෙරුණේ.

අනතුරින් මියගිය රැදවියා 34 හැවිරිදි මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads