Global Platform For All Sri Lankans

Lanka Hit News

සෞඛ්‍යට වැඩිම මුදල මෙවර අයවැයෙන්

 

දේශපාලනික උවමනාව මත හෝ පෞද්ගලික උවමනාව මත මින් ඉදිරියට රෝහල් පද්ධතිය තුළ හිතුමතේ ඉදිකිරීම් සිදුකළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයට මෙතෙක් ලබාදුන් වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්කරන බවයි.

රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ඇට මිදුලු‍ බද්ධ කිරීමේ ළමා ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

දේවාලයට බැතිමතුන් පඩුරු ලෙස ලබාදුන් රුපියල් මිලියන 176 කට අධික මුදලක් මෙම ඒකකය ඉදිකිරීම සඳහා වැය කර ඇති අතර, එය මෙරට රජයේ රෝහලක් තුළ ඉදි වූ පළමු ළමා ඇට මිදුලු‍ බද්ධ කිරීමේ ඒකකය ද වනවා.

රෝගී දරුවන්ගේ මව්පියන්ටද එම ඒකකය තුළ නැවතී සිටීමට අවශ්‍ය සියලු‍ පහසුකම් ඇතුළත්.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

දේවාලයට බැතිමතුන් ලබාදෙන ආධාර මුදලින් තවත් රෝහල් කිහිපයක් ඉදි කරමින් පවතින බවයි එහිදී අදහස් දක්වමින් රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ මින් ඉදිරියට රෝහල් පද්ධතිය තුළ ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ ජාතික සැලැස්මක් මත පමණක් බවයි.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඕස්ට්‍රේලියානු පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා රෝගීන්ට සහන මිලට ඖෂධ ගන්න යෝජනා ක්‍රමයක්

පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇති ඕස්ට්‍රේලියානුවන්ට දැන් ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) යටතේ දැරිය හැකි මිලකට නව සහ පුළුල්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads