Global Platform For All Sri Lankans

Lanka Hit News

නව වසරේ පාර්ලිමේන්තුව 07 වැනිදා ඇරඹෙයි

 

නව වසරේ පාර්ලිමේන්තුව ලබන 07 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම රැස්වීමේදී තීරණය වී ඇත්තේ 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය ලබන 7 වනදාට සිදු කිරීමටයි.

එමෙන්ම, ලබන 8 දා ආනයන , අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර නියාමන පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක් මෙන්ම වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් විවාදයට ගැනීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads