Global Platform For All Sri Lankans

Lanka Hit News

උතුරු මැද පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය තිබුණයි චෝදනා

 

2024 වර්ෂයේ තුන්වැනි වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සඳහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා.

එලෙස පිළිතුරු පත්‍ර පිටවී ඇත්තේ හයවන ශ්‍රේණියට අදාළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බවටයි එම සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අසේල විජේසිංහ ප්‍රකාශ කළේ.

මේ අතර 2024 වර්ෂයේ උසස් පෙළ විභාගයට අදාළ පළමු අදියරයේ ඇගයීම් කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

එමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 01 වන ප්‍රශ්න පත්‍රයේ ගැටළු සහගත ප්‍රශ්න 3 සඳහා සියලු‍ විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමටයි විභාග දෙපාර්තමේන්තු පියවර ගෙන ඇත්තේ.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ගැටලූවට ලබාදිය හැකි වඩාත් සාධාරණ සහ සුදුසුම විසදුම එය බවයි.

ඒ අනුව, ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කර ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads