Global Platform For All Sri Lankans

Lanka Hit News

එනකම් බලන් ඉන්න අයවැය ගැන මෙන්න අලුත් කතාව

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (31) පාර්ලිමේන්තුවේදී පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවේ.

ඒ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද එහිදී තීරණය වී තිබෙනවා.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) පෙබරවාරි 17 වැනිදා සිදුකිරීමට නියමිත අතර දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 07ක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව පෙබරවාරි 25 වැනිදා ප.ව 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 04ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වීමට එහිදී තීරණය වී තිබෙනවා.

අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව 9.30- 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 10.00 සිට ප.ව 6.00දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වෙනු ඇති.

එමෙන්ම ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි 25 සහ මාර්තු 21 දෙදින හැර අනෙකුත් සෑම දිනකම ප.ව6.00 සිට ප.ව 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා වෙන්කිරීමටද මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads