Global Platform For All Sri Lankans

Lanka Hit News

අතුරු සම්මතෙන් මුදල් වෙන්වුණේ මෙහෙමයි

 

2025 වසරේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන තෙක් රජයේ වියදම් පියවා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම සහ මේ වසරේ ඉතිරි කාලය සඳහා අත්‍යවශ්‍ය වියදම් කිහිපයක් වෙනුවෙන් වන පරිපූරක ඇස්තමේන්තුව අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අතුරු සම්මත ගිණුම යටතේ රුපියල් බිලියන එක්දහස් හාරසිය දෙකකට අධික මුදලක් සහ පරිපූරක ඇස්තමේන්තුව යටතේ රුපියල් බිලියන දෙසිය පහළොවකට අධික මුදලක් සම්මත කර ගැනීමට අපේක්ෂිතයි.

2025 ජනවාරි මස පළමු වැනිදා සිට අප්‍රෙල් 30 දක්වා වන මාස 4ක කාලය සදහා රජයේ වියදුම් පියවා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින්.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන එක්දහස් හාරසිය දෙකකට අධිකයි.

එම අතුරු සම්මත ගිණුමට අනුව ජනාධිපති වැය ශිර්ෂයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 1,091,140,000ක මුදලක් වෙන් කර ඇති අතර ජනාධිපති වැය ශිර්ෂයේ මූලධන වියදම් ලෙස වෙන්කර ඇති මුදල රුපියල් 188,800,000ක්.

මැතිවරණ කොමිෂන් සභාවේ වැය ශිර්ෂය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 10,384,000,000ක මුදලක්ද වෙන් කර තිබෙනවා.

මීට අමතරව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශිර්ෂය පුනරාවර්තන ලෙස සදහා වෙන් කර ඇති මුදල රුපියල් 141,999,998,000ක් වන අතර එම අමාත්‍යංශවල මුලධන වියදම් වැය ශීර්ෂය ලෙස වෙන් කර ඇති මුදල 20,000,000,000ක්

ආරක්ෂක අමාතංශයේ වැය ශිර්ෂය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 129,700,000,000ක් මෙන්ම මුලධන වියදම් ලෙස රුපියල් 13,225,000,000ක් වෙන් කර තිබෙනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යංශයේ වැය ශිර්ෂය පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 33,370,000,000ක් වෙන් කර ඇති අතර
කෘෂිකර්ම අමාත්‍යංශයේ මූලධන වියදම් වැය ශිර්ෂය රුපියල් 33,3991,000,000ක්.

ජනාධිපතිවරයා යටකේ අලුතින් ක්‍රියාත්මක ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ පුනරාවර්තන වියදම් ලෙස රුපියල් 2,056,600,000ක මුදලක් වෙන් කර ඇති අතර එම අමාත්‍යංශයේ වැය ශීර්ෂය මූලධන වියදම් ලෙස රුපියල් 1,688,000,000ක් වෙන් කර තිබෙනවා.

මේ අතර මේ වසරේ දෙසැම්බර් 31වැනිදායින් අවසන් වන මුදල් වර්ෂය සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 215,373ක්.

එම පරීපූරක ඇස්තමේන්තුවට අනුව ඛනිජ තෙල් නීතගත සංස්ථාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය වෙනුවෙන් බැංකු වෙත ලබා දීමට නියමිත පොලී සහනාධාර ගෙවීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 130,000ක්.

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලැබී ඇති ගුවන් යානා 02ක වටිනාකම ගිණුම්ගත කිරීම සහ බදු ගෙවීම සඳහා රුපියල් මිලියන 8,331ක මුදලක්ද අදාළ පරිපූරක ඇස්තමේන්තුව මගින් වෙන් කර තිබෙනවා.

මීට අමතරව ස්වාභාවික ආපදා හේතුවෙන් හානියට පත් වූ දේපල ප්‍රතිසංස්කරණය සඳහා වන්දි ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 400ක මුදලක්ද එමගින් වෙන් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ජනාධිපති ලේකම් කාර්යාල‍යෙන් අතුරුදන් වූ මිලියන ගණනක භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

  ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads