Global Platform For All Sri Lankans

Lanka Hit News

බස් ගැමුණුගෙන් අනතුරු ඇඟවීමක්

 

ජූලි මාසය වන විට බස් ගාස්තු අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඉන්ධන මිල පහළ දමන්නේ නම් එම සහනය ජනතාවට ලබා දෙන බවත්, එසේ ජනතාවට සහන ලබා දීමට නම් ඉන්ධන මිල පමණක් නොව අමතර කොටස් සහ භාණ්ඩ පිරිවැයත් පහල දැමීම සිදු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

 

ඔහු මේ බව පැවසුවේ අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න,

” අවුරුද්දේ මැද අනිවාර්යෙන්ම බස් ගාස්තු සංශෝධනය කරන්න සිද්ධ වෙනවා.. මොකද බස් රථයේ මිල අධික වෙලා තියෙන නිසා.. අපි බලාපොරොත්තු වුණා ඉන්ධන මිල අඩු කරයි කියලා.. හැබැයි විශේසයෙන්ම තිස් ගාණකින්වත් අඩු කරන්න ඕනේ.. අපි දැන් පාඩුවට ධාවනය කරන්නේ.. ලොකු මුදලකින් අඩු කළොත් අපි ඒ ප්‍රතිලාභය ජනතාවට දෙන්න කටයුතු කරනවා.. 4%ක ප්‍රතිශතයට ආවොත් අපි සම්පූර්ණයෙන්ම අඩු කරන්න කටයුතු කරනවා.. හැබැයි ඒක සිහිනයක් වෙයි..”

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඇමරිකාවේ හදිසි තත්වයක්, හිම කුණාටුවෙන් දැඩි බලපෑම්….

ඇමරිකාවට බලපැ ඇති දරුණු හිම කුණාටුව හේතුවෙන් එරට ප්‍රාන්ත තිහක මිලියන හැටක ජනතාවක් පීඩාවට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads