ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙර සූදානමක් ලෙස පළාත් මට්ටමෙන් විභාග පැවැත්වීම සිදුකරන අතර ඒ අනුව උතුරු මැද පළාතේ විභාගයට අදාළ 11 වසර සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය අද විභාගයට පෙර පිටවී ඇති බව වාර්තා වෙනවා. ලංකා ගුරු සංගමය සදහන් කළේ මෙම ප්‍රශ්න පත්‍රය කලින් පිට කර ඇති අතර එය උපකාරක පන්ති හරහා දරුවන්ට යොමු කර ඇති බවයි. පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Author: Lanka Hit News
Post Views: 22