චීනයේ Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ඔවුන් නව තඹ ආකරයක් සොයා ගැනීමට සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අදාළ සානුව ආශ්‍රිතව මේවනවිට සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20 කට වඩා වැඩි බවයි චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
කෙසේවෙතත් Qinghai-Tibet සානුව ආශ්‍රිත තඹ සම්පත ටොන් මිලියන 150 ක ඇස්තමේන්තුගත විභවයක් සහිත වනු ඇතු බවටයි වාර්තා පළ වන්නේ.
ඒ අනුව මෙම කලාපය ලෝක මට්ටමේ තඹ සම්පත් කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීමට චීනය සූදානම් බව ද පවසයි.
මෙම සොයා ගැනීම චීනයේ තඹ සම්පත් ආරක්ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති බවයි කියන්නේ.
එමෙන්ම චීනයේ හරිත බලශක්තිය සංවර්ධනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අනෙකුත් කර්මාන්ත සංවර්ධනයට ද සහාය දෙනු ඇති බවද සඳහන්.