රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අදාල නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මෙම නියෝගය කළ
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 27 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
කොළඹ ටොරින්ටන් ඇවනිව් හී පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේදී ලැබිය යුතු වන්දි මුදල් කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබා ගැනීමේදී මෙම සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.
Author: Lanka Hit News
Post Views: 3