ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය සටන් විරාම ගිවිසුම අනුමත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
හමාස් සමඟ මෑතකදී එකඟ වූ සටන් විරාම ගිවිසුමට සහාය දැක්වීමට කැබිනට් මණ්ඩලය ඡන්දය දී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කැබිනට් මණ්ඩලය මෙම ගනුදෙනුව පිළිගත්තේ “සියලු දේශපාලන, ආරක්‍ෂක සහ මානුෂීය පැති පරීක්ෂා කිරීමෙන් පසුවය සහ යෝජිත ගනුදෙනුව යුද්ධයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය වන බව අවබෝධ කර ගනිමින් බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයක් පැවසුවේ.
යෝජිත දළ සටහන රජය අනුමත කරන ලෙස කැබිනට් මණ්ඩලය ද නිර්දේශ කර තිබෙන බව සඳහන්.
යෝජිත එකඟතාව මීළඟට සාකච්ඡාවක් සහ ඡන්දයක් සඳහා ඊශ්‍රායල් පූර්ණ කැබිනට් මණ්ඩලය හමුවට ගෙන යා යුතු බවද කියනවා.
Post Views: 47