අභ්‍යාවකාශ යානා දෙකක් එකට එක් කිරීම හෙවත් ඩොකින් කිරීම සාර්ථකව සිදු කළ ලොව හතරවන රට බවට ඉන්දීයාව ඊයේ (16) පත් ව තිබෙනවා.
ඉන්දීය අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සඳහන් කළේ දෙසැම්බර් මස 30 වැනිදා ස්පිඩෙක්ස් මෙහෙයුම යටතේ අභ්‍යාවකාශ ගත කළ කිලෝග්‍රෑම් 220 බැගින් බර යානා දෙකක් අද දින සාර්ථකව ඩොකින් කිරීම නිමකළ බවත් , එය ඓතිහාසික මොහොතක් බවයි.
මෙම ඩොකින් කිරීම පසුගිය 7 වැනිදා සිදු කිරීමට සැලසුම් කර තිබූ නමුත් යළි අද දිනට කල් තැබුණු බවයි කියන්නේ.
එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම පියවර ඉදිරි වසරවලදී ඉන්දීය ජාතිකයෙකු සඳ මත තැබීම ආදී ඉන්දියාවේ අපේක්ෂිත අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා තීරණාත්මක සාධකයක් බවයි.
මෙම තාක්ෂණය මඟින් ඉන්දියාවට අභ්‍යාවකාශයේදි චන්ද්‍රිකාවකින් තවත් චන්ද්‍රිකාවකට හෝ අභ්‍යාවකාශ යානයකට ද්‍රව්‍ය හුවමාරු කිරීමට අවස්ථාව සලසනු ලබනවා.
ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව හා චීනය අභ්‍යවකාශයේදී ඩොකින් කිරීමේ හැකියාව ඇති අනෙක් රටවල් වේ.