2024 මහමැතිවරණයට තරග කළ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබාදීම අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහිදි සභාපති ආර්.එම්.එල්.රත්නායක කියා සිටියේ, මේ වන විට ඉතා සුළු පිරිසක් අදාළ වාර්තා ලබාදී ඇති බවයි.
තුන්වැනිදා පස්වරුව වනවිට අපේක්ෂකයින් 1985 දෙනෙකු පමණ වියදම් වාර්තා ලබාදී ඇති බව සඳහන්.
දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 106ක් මේ වනවිට එම වාර්තා ලබාදී ඇති බවයි ආර්.එම්.එල්.රත්නායක අවධාරණය කළේ.
ජාතික ලැයිස්තුව යටතේ තරග කළ 527 දෙනාගෙන් 57 දෙනෙක් පමණක් එය භාරදී ඇති බව සඳහන්.
අදාළ වාර්තාව සඳහා තවත් එක්දිනයක් පමණක් ඉතුරුව ඇති බවත් වියදම් නියාමන පනත අනුව එය දීර්ඝ කළ නොහැකි බවත් සභාපතිවරයා කියා සිටියා.
ඒ හේතුවෙන් ඊයේ (05) මධ්‍යම රාත්‍රිය වනවිට අදාළ වියදම් වාර්තා ලබානොදුන් අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඒවා භාරදීම අත්‍යවශ්‍ය වනවා.
එලෙස භාර නොදෙන අයට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අවශ්‍ය ලිපි ගොනු භාරදීමට සිදු වන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා.