පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනි දාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දී තිබෙනවා.
එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ, අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානිය ඇස්තමේන්තු කරන බවයි.
ජලයෙන් යට වූ වගා බිම් 25%කට පමණ හානි වී ඇතැයි ද ඔහු මෙහිදී සඳහන් කළා.
මේ අතර ජලයෙන් යටවී පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කර තිබෙනවා.
තව ද , පසුගිය දිනවල ඇති වූ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වගා සඳහා සිදු වූ හානි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සහාය ලබාදිය හැකි බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.
එම සංවිධානයේ නියෝජිතයින් ඒ බව පවසා ඇත්තේ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත සමඟ පැවැති සාකච්ඡාවකදී යි.