Global Platform For All Sri Lankans

Lanka Hit News

ලක්ෂයක සහනයක් ලැබෙන්නේ ඔබටයි

 

පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනි දාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දී තිබෙනවා.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ, අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානිය ඇස්තමේන්තු කරන බවයි.

ජලයෙන් යට වූ වගා බිම් 25%කට පමණ හානි වී ඇතැයි ද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර ජලයෙන් යටවී පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කර තිබෙනවා.

තව ද , පසුගිය දිනවල ඇති වූ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වගා සඳහා සිදු වූ හානි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සහාය ලබාදිය හැකි බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසනවා.

එම සංවිධානයේ නියෝජිතයින් ඒ බව පවසා ඇත්තේ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත සමඟ පැවැති සාකච්ඡාවකදී යි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads