හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොවදින බවට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
මැතිවරණයට තරග නොකර සිටියද , ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දරණ තනතුරුවලින් ඉවත්වීමක් සිදු නොවනු ඇති බවද වාර්තා වෙනවා.
එසේම, රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා වන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ද, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බව මීට පෙර සඳහන් කර තිබුණා.
තවද , ඔවුන් දෙදෙනාට අමතරව, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක, ඒ.එච්.එම් ෆවුසී, තිස්ස විතාරණ, මෛත්‍රීපාල සිරිසේන, අලි සබ්රී යන අයද, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකර බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 9