සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය අමාත්‍යවරිය අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, ඉන්දියාවේ නවදිල්ලිහි දී.
දින තුනක් පුරා ඉන්දියාවේ පැවැත්වෙන වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුවට සහභාගි වී සිටින අතරතුරයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම හමුව සිදුව ඇත්තේ.
මෙහිදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර, පසුගියදා සිදුවූ ආපදා අවස්ථාවේ ඉන්දීය රජය ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළකර තිබුණා.











